Skip to main content

Grade 12

භූගෝල විද්‍යාව


ජනාවාස - settlements

ජනාවාසයක් යනු කුමක්ද ?

අව්වෙන් වැස්සෙන් හා හිම පතනයෙන් සෙවන ලබා ගැනීමටත් අධික සීතල හා අධික උෂ්ණත්වය වැනි පරිසරයේ කටුක බවින් මිදීමටත් වන සතුන් හා වන සතුරන්ගෙන් ආරක්ෂා විමටත් ,මිනිසා නිවාස ප්‍රයෝජනයට ගනීයි. ඵලවැල නෙලන්න හා දඩයක්කාරයන් තාවකාලිව ජීවත් වන ගල් ගුහාද එ‍ෙ



ඒ අනුව ජනාවාස යනු පරිසරයේ කටුක බවින් ආරක්ෂා වීම සඳහාත් , සත්ත්ව හා වෙනත් සතුරු උවදුරු වලින් ගැලවීම සඳහාත් , හිසට සෙවනක් ලබා ගැනීම පිණිසතනා ඇති ආවරණ හා දෑලිස් වලින් සමන්විත ජන සංකේන්ද්‍රයන්ය.

මේ නිසා ලෝකයේ ජනාවාස වල විවිධත්වයක් දක්නට ලැබේ. එනම් ,

හුදකලා ගෙය හෝ ගොවිපල ( Farmstead)
කුඩාගම ( Hamlet)
ගම ( Village)
නගරය ( Town)
මහ නගරය ( City)
පුරවරය (Metropolis)
සමුහිතය (Conurbation)
විශාල නගර යාය ( Megalopolis) යන සියල්ලම ජනාවාස වශයෙන් සැලකේ. එහෙයින් හුදකලා නිවාසයක සිට විශාල නගරය හා නගරයන් දක්වා විහිදෙන ජනාවාස , සන්තතියක් වශයෙන් පවතින බැව් පැහැදිලිය.


ජනාවාස වල ප්‍රධාන අංග -
බොහෝ ජනාවාස ප්‍රධාන අංග පහකින් සමන්විත වේ . එනම්,
මිනිසා
සමාජය
ස්වභාවික පරිසරය
ස්වාභාවික හා කෘතිම ආවරණ
දෑලිස්
යන ඉහත සඳහන් ප්‍රධාන අංග පහ ජනාවාසයක් තුල සාමාන්‍යයෙන් දක්නට ලැබේ
 
 
ජනාවාස වර්ග -

බොහෝ රටවල් ජනාවාස ප්‍රධාන කොටස් දෙකකට පරිපාලන කටයුතු සඳහා වර්ගකරනු ලැබේ. එනම් ,
ග්‍රාමීය ජනාවාස
නාගරික ජනාවාස යනුවෙනි.
එහෙත් භූගෝල විද්‍යාඥයෝ මෙසේ වර්ග දෙකකට පමණක් වෙන් කිරීමෙන් සෑහීමකට පත් නොවෙති.


ග්‍රාමීය ජනාවාස -

සාමාන්‍යයෙන් පැළෑටි සතුන් හා වෙනත් සම්පත් පරිහරණය කිරීමේදී මිනිසා විසින් ප්‍රයෝජනයට ගනු ලබන හෝ ඉදිකරනු ලබන ජනාවාස භූගෝල විද්‍යාඥයෝ ග්‍රාමීය ජනාවාස වශයෙන් පිළිගැනේ. ඒ අනුව ඵලවැල එකතු කිරිම , දඩයම් කිරීම , මසුන් මැරීම , ගොවිතැන , සත්ත්ව පාලනය වැනි ප්‍රාථමික කටයුතු වලින් යැපෙන පුද්ගලයන් වැඩි ප්‍රමාණයක් පදිංචි ස්ථාන ග්‍රාමීය ජනාවාස වශයෙන් සලකනු ලබයි. සමහර ග්‍රාමීය ජනාවාස වල ප්‍රාථමික කටයුතු වලට අමතරව හස්ත කර්මාන්තය, වෙළඳාම වැනි ද්විතීයීක හෝ තෘතියික රැකියා කරන පුද්ගලයන්ද වාසය කරනු ලැබේ. නිදසුනක් ලෙස කුඹල් ගම් හා වඩුගම් සැලකිය හැකිය.

බොහෝගම් වල ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් හඳුනා ගත හැකිය. එනම්,

1.ඉදිකල බිමි ප්‍රදේශය (built – up area)
2.ආර්ථික ප්‍රදේශය (economic area)


ඉදිකල බිම් ප්‍රදේශය -
ඉදිකල බිම් ප්‍රදේශය යනු ගෙවල් හා ගෙවතුද වෙනත් ගොඩනැගිලිද කේන්ද්‍රය වී ඇති ප්‍රදේශය වේ.

ආර්ථික ප්‍රදේශය -
ආර්ථික ප්‍රදේශය යනුවෙන් සලකනු ලබන්නේ මිනිසාගේ ආර්ථික කටයුත් සංකේන්ද්‍රණය වි ඇති ප්‍රදේශය වේ.

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ පුරාණ ගමක නම් වැව , මඩ ඉඩම් හා ගොඩ ඉඩම් ( කුඹුරු හේන් හා අවට වනාන්තර ) ආර්ථික ප්‍රදේශයට අයත් වේ. එනිසා එවැනි ගම්වල ඉදිකල ප්‍රදේශයට වඩා ආර්ථික ප්‍රදේශය විශාලය.

එක්සත් ජනපදයේ හුදකලා ගොවිපලක ඇති ප්‍රදේශ වල ජනාවාස කොටසට ගොවියාගේ නිවාස පෝර හා ධාන්‍ය ගබඩා ආදියද එහි හෙක්ටයාර සිය ගණනක් විශාල ගොව්බිම්ද ආර්ථික ප්‍රදේශයට අයත් වේ.

නාගරික ජනාවාස -
නගරයක් ගමකට වඩා සාපේක්ෂ වශයෙන් විශාල වූ ජනාවාසයකි. ( ජන සංඛ්‍යාව හා භෞතික වගකීමි අතින්) එහි අධික ජන සංඛ්‍යාවක් වාසය කරන අතර ජන ඝණත්වයද අධික වේ. නගරයක කඩසාප්පු , කම්හල් , පාසල් , රෝහල් , බැංකු , ආයතන හා නිවාස වැනි විවිධ කාර්යය කරන ගොඩනැගිලි ද උද්‍යාන ක්‍රීඩා පිට්ටනි වැනි විවෘත බිම්ද දක්නට ලැබේ. මෙවැනි ඉදිකල බිමි ප්‍රදේශය නාගරික භූමියෙන් වැඩි කොටසක් වසා සිටී. ප්‍රාථමික කාර්යය ප්‍රමුඛ ස්ථානයක් ගන්නා ගමක මෙන් නොව නගරයක නම් වාණිජ , කාර්මික ,අධ්‍යාපන , සෞඛ්‍යය , මූල්‍ය , පරිපාලන හා ආයතනික වැනි ද්විතීයික හා තෘතීයික කාර්යය සංකේන්ද්‍රනය වී ඇත. මේ නිසා නගරයක් තුල ද්විතීයික හා තෘතියික අංශයේ අංශයේ රැකියා කරන අයගේ ප්‍රතිශතය වැඩි වේ. පුද්ගලයෝ නගරවල ඒකරාශිවී සිටිති. මේ අනුව නගරයක් මතු දැක්වෙන පරිදි නිර්වචනය කල හැක.

නගරයක් යනු කුමක්ද ?
නගරයක් යනු වාණිජ , කාර්මික , අධ්‍යාපන , සෞඛ්‍යය , පරිපාලන නේවාසික යනාදී විවිධ කාර්යය සංකේන්ද්‍රණය වු ජනාවාසයකි. එම කාර්යය කරනු ලබන විවිධ ගොඩනැගිලි රාශියක්ද නගරයේ ඒකරාශී වී ඇති හෙයින් ඉදිකල බිමි ප්‍රදේශය මුළු ප්‍රමාණයෙන් වැඩි ප්‍රතිශතයක් ගනී.එහි අධික ජනසඞඛ්‍යාවක් හා අධික ජන ඝනත්වයක් ඇත. මෙය සාපේක්ෂ වශයෙන් විශාල වූ ( භෞතික විහිදීම හා ජන සංඛ්‍යාව අතින් ) මාර්ග නාභියක හෙවත් කේන්ද්‍රයක පිහිටි ජනාවාසයකි.

නගරයක් මගින් සපයනු ලබන අධ්‍යාපන , සෞඛ්‍යය , පරිපාලන වැනි විවිධ සේවා ලබා ගැනීමටත් නගරයේ රැකියාව කිරීමටත් දිනපතා අවට ප්‍රදේශයෙන් විශාල පිරිසක් හා රථවාහන සංඛ්‍යාවක් උදය වරුවේ නගරයට ඇදී ඒම හා සවසට පෙරලා ආපසු යාමත් දෛනික සංචලතාවය නැතහොත් සංගමනය (Commuting) වශයෙන් හැඳින්වේ.

ගැමිරික ජනාවාස -

බොහෝ දෙනා ග්‍රාමීය හා නාගරික වශයෙන් ජනාවාස කොටස් දෙකකට බෙදා ඇති නමුත් මේ දෙවර්ගයේම මිශ්‍ර ලක්ෂණ පවතින ජනාවාස වර්ගයක් දැන් හඳුනාගෙන ඇත. මී‍ෙ හේතුව නගරාසන්නයේ පිහිටි ග්‍රාමිය ජනාවාස වල ග්‍රාමීය ලක්ෂණ ක්‍රමයෙන් අඩු වෙමින් පැවතීමයි. එවැනි ජනාවාස වල ගොවිතැන හෝ මසුන් මැරීම වැනි ප්‍රාථමික රැකියා කරන පුද්ගලන් අඩු වී ආසන්න නගරවල රැකියා කරන අයගේ සංඛ්‍යාව වැඩි වී ඇත. පරම්පරා ගණනක් තිස්සේ ගමේ පදිංචි වී ප්‍රාථමික රැකියිවල යෙදුන පවුල් වල සාමාජිකයන්ද ආසන්න නගරවල රැකියාවල යෙදී සිටිනු දක්නට ලැබේ. දුර බැහැර ගම්මානවල ඉපදි නගරයේ රැකියාව කරන එහෙත් නගරයේ ඉඩම් මිල වැඩි වීම හෝ ඉඩම් හිඟය නිසා නගරයේ හෝ උප නගරවල පදිංචි වීමට නොහැකි අයද , නගරයේ පරිසර දූෂණය හා තදබදයට අකමැති අයද ප්‍රවාහන පහසුකම් ඇති නගරාසන්න ගම්මාන වල පදිංචි වෙති. කල්ගතවු පසු කම්හල් , කාර්යාල හා කඩසාප්පු මෙවැනි ගම්වල ප්‍රධාන මාර්ග දෙපස පිහිටි ඉඩම් වලට ආකර්ෂනය වේ.

මේ අයුරින් නගරාසන්න ගම්මානවල ආර්ථික ප්‍රදේශය කුඩා වී ඉදිකල ප්‍රදේශය ප්‍රසාරණය වන්නට පටන් ගනී.රැකියා හා භූමි පරිභෝග ලක්ෂන , සමාජ ලක්ෂණ , සම්ප්‍රදායික ග්‍රාමීය ජනාවාසයකට වඩා වෙනස් වේ. මේ නිසා තව දුරටත් මෙවැනි ජනාවාස ග්‍රාමීය ජනාවාස වශයෙන් සැලකීම යෝග්‍ය නොවේ.

ග්‍රාමීය හා නාගරික ලක්ෂණ මිශ්‍රව පවතින හෙයින් ගැමිරික ජනාවාස (rurban) නැතහොත් ගැමි නාගරික යන නම මේ ජනාවාස වර්ගයට යෙදිය යුතු බව 1915 දී ගැල්පීන් (Galpin) නමැති සමාජ විද්‍යාඥයා විසින් මුලින්ම ප්‍රකාශ කරන ලදි. 1972 දී මොන්ක්හවුස් (Monkhouse) ඉන්දුනීසියාවේ කොටාදේසායි යනුවෙන් හඳුන්වන්නේද මේ වර්ගයමය. ලෝකයේ සංවර්ධිත රටවල් මෙවැනි ගම් පුරවරගම් (Metropoliton Village) හා සයනාගාරගම් (dormitory Villages) යනුවෙන් හදුන්වනු ලැබේ. නගර සෑම එකක්ම වටා පිහිටි ග්‍රාමීය ජනාවාස ගැමිරික ජනාවාස බවට පරිවර්තනය වෙමින් පවති . කලක් ගත වූ පසු සමහර ජනාවාස වල ග්‍රාමීය ලක්ෂණ සම්පූර්ණයෙන්ම ඉවත් වී ඒවා උප නගර බවට පත් වේ.


ජනාවාස වල ලක්ෂණ -
බොහෝ ජනාවාස වල ගතික බවක් දක්නට ලැබේ. ජනාවාස වල ජන සංඛ්‍යාව වැඩි වීමෙන් කුඩාගමක් , ගමක් බවටද ජනසංඛ්‍යාව වැඩි වීමත් සමඟ කාර්ය හා භූමි පරිභෝගය වෙනස් වීමෙන් ගමක් ගැමිරික ජනාවාසයක් හෝ නගරයක් බවටද පරිවර්තනය විය හැක. එසේම කුඩා නගරයක් විකාශනය වී පුරවරයක් බවටද නාගරික සමුහිතයක් බවටද පත් විය හැක. වෙන්ව පැවති නගර කිහිපයක් නාගරික වු ප්‍රදේශ නමුත් ජනාවාස සෑම විටම ප්‍රසාරණය නොවේ. සමහර ජනාවාස කලක් වර්ධනය වී ජන හායනයට ලක් වී පසුව පරිහානියට පත් වේ. විශේෂයෙන් ඛනිජ සම්පත් අවසන් වීම නිසා නගර හා ගම් අත්හැර දමා තිබේ. එවැනි නගර ගණනාවක් එක්සත් ජනපදයේ දක්නට ලැබේ. ඒවා හොල්මන් නගර (ghost town) වශයෙන් හැඳින්වේ.
ගිනිකඳු පිපිරීම් .නායයෑම් වැනි ස්වභාවික ආපදා මෙන්ම යුද්ධ වැනි හේතූන් නිසාද ජනාවාස විනාශ වේ . 13 වන සියවසෙන් පසුව ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙන් ජනාවාස අත්හැර යාමක් විශාල පරිමාණයෙන් සිදුවිණ



භූගෝලීය තොරතුරු තාක්ෂණය - GIS 


      Geographical Information System  හෝ science  (GIS) එහෙමත් නැත්නම් Geospatial information studies යනුවෙන් හැඳින්වෙන්නේ පරිගණක තාක්ෂණය උපයෝගි කරගෙන භූ දර්ශනයේ විවිධ තොරතුරු digital මාධ්‍යයෙන් ඉදිරිපත් කිරිමේ විද්‍යාව, තාක්ෂණය, අධ්‍යයනය යන ඒවාගෙන් එකක්. GIS සඳහා සංකල්පනාත්මක පදනම වැටුනේ 1830 දි පමණ ඈතක බව විකිපීඩියා සඳහන් කරනවා. නමුත් Coppock හා Rhind දක්වන ආකාරයට 1950 පමණ වන විට පරිගණක භාවිතයෙන් සිතියම්කරණය ආරම්භ වී තිබෙනවා.Mcdonal දක්වන ආකාරයට  GIS ආරම්භ වන්නේ 1984 දී පමණ. ඒ කෙසේ  නමුත් GIS වල එක්තරා පැහැදිලි ආරම්භයක් 1960 දී කැනඩාවේ සිදු විය. ඒ එරට වන හා ග්‍රාම සංවර්ධන වැඩසටහනක් (Canada Geographic Information System)සඳහා සිදු කළ ව්‍යාපෘතියකදි. 

       මේ සඳහා විෂයයන් රාශියක දැනුම එක්ව තිබේ. භූගෝල විද්‍යාව, පරිගණක විද්‍යාව හා තාක්ෂණය, සංඛ්‍යානය, සිතියම් විද්‍යාව, මැනුම් විද්‍යාව, දුරුස්ථ සංවේදය, හා විවිධ පර්යේෂණ ක්ෂේත්‍ර ඒ අතර වේ. මේ නිසා අද වන විට ඉතා වේගයෙන් දියුණු වන හා භාවිතයේ ඉතා සුලභ බවක් පෙන්වන විද්‍යාවක් / තාක්ෂණයක් ලෙස GIS හඳුනා ගත හැකියි. යුධ කටයුතු සඳහා වි‍ශාල දායකත්වයක් ලබා දුන් මෙම ක්ෂේත්‍රය තාක්ෂණයේ භාවිතයන් සුලභ වීම හේතු කොට ගෙන පොදු මහජන භාවිතය දක්වා පැමිණ තිබේ. GPS තාක්ෂණය ද එසේ දායාද වුවකි. නමුත් පැහැදිලිවම කිව යුත්තේ GIS  හා GPS යනු දෙකකි. මේ ලිපිය GIS  ගැන වේ.


        භුගෝලීය තොරතුරු පද්ධතියක් යනු පරිගණක ගත තොරතුරු පද්ධතියකි. එයට තෙරතුරු ලබා දුන් විට එම තොරතුරු නැවත බා ගැනීම එක්ලස් කිරීම, ආකෘති ගත කිරීම, හැසිරවීම, විශ්ලේෂණය, දත්ත ඉදිරිපත් කිරීම ආදිය කිරිමේ හැකියාව ඇත.(M.F. Worboy)


       මා GIS යන්න හඳුනා ගන්නේ සිතියම් විද්‍යාවේ තාක්ෂණික දිගුවක් ලෙසයි. මේ නිසා GIS  හොදින් භාවිතා කිරීමට පෙර සිතියම් කියවීමේ සමත්කමක් (Map Reading) හා දැනුමක් ද පරිගණක හෝ නුතන තාක්ෂණික උපාංග භාවිතා කිරීමේ හැකියාවක් ද අනිවාර්යෙන් තිබිය යුතුවනවා.


GIS වල මුලික කාර්යයන් කිහිපයක් තිබේ.

දත්ත ඇතුළත් කිරීම හා දත්ත සැකසීම.

දත්ත පාලනය හා ගබඩා කිරීම.

අවකාශීය තොරතුරු විශ්ලේෂණය හා සංස්ලේෂණය කිරීම.

දෙන ලද දත්ත ඇසුරින් ප්‍රස්ථාර, සිතියම් හා රෑපසටහන් ඉදිරිපත් කිරීම.

දත්ත දෘෂ්‍යාත්මක තොරතුරු බවට පරිවර්ථනය කිරීම. 


    භුගෝලීය තොරතුරු පද්ධතියක් නිසි අයුරින් බල ගැන්වීමට අවශ්‍ය ප්‍රධාන සාධක 03 ක් තිබෙනවා.


01). පරිගණක පද්ධතියක් (Computer System) / තොරතුරු පද්ධතියක් (Information System)

          මිනිසා පරිඝණකය නිපද වුයේ මිනිසාට අවශ්‍ය වු නමුත් සිහි තබාගෙන හැසිරවිය නොහැකි තරම් වු තොරතුරු / දත්ත ප්‍රමාණයක් නිවැරදිව හැසිරවීමට යි. මිනිසා විසින් මෙහෙයවන අමතර බුද්ධිමය ඒකකයක්  වශයෙන් පරිඝණකය මේ නිසා හඳුනා ගත හැකියි. පරිගණකයක් ක්‍රියාත්මක වන්නේ ‘දෘඩාංග’ (hardware) හා ‘මෘදුකාංග’ (software)  යන කොටස් දෙක එක් වීමෙන්.

         මේ අතුරින් මෘදුකාංග  කොටස කොටස් දෙකකට නැවත බෙදෙනවා. පරිගණකය ක්‍රියාත්මක වීම සඳහා වු ‘මෙහයුම් පද්ධතියට අදාල මෘදුකාංග’ (system software) හා එදිනෙදා කටයුතු කරගැනීම සඳහා ඇති ‘යෙදුම් මෘදුකාංග’ (application software).

              (*) පද්ධති මෘදුකාංග  XP, Linux,Vista 

             (*) යෙදවුම් මෘදුකාංග  Word, Excel, Photoshop, 

                  

       පරිගණක පද්ධතියක අඩංගුවනවා තොරතුරු පද්ධති.  තොරතුරු පද්ධතියක් කියන්නේ යම් කිසි වැඩක් කරගන්න කියලා පිළිවෙළකට එකතු කරපු තොරතුරු / දත්ත ගොන්නකට. එහෙම නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන්.

         “කිසියම් අරමුණක් ඉටු කරගැනීම සදහා ක්‍රමානූකූලව එකිනෙකට සම්බන්ධ වු සංරචක රාශියක එකතුව”(02 වන මුලාශුය 36 පිට)


02). භූගෝලීය තොරතුරු පද්ධති/ දත්ත.(Geographical data)

        ‍භූ‍ගෝලීය වශයෙන් විමර්ශනය කර ලබා ගන්නා දත්ත හා එම එකතු කෙරෙන දත්ත තොරතුරු ගබඩාවක්. ඒ ගබඩාවේ තියෙන තොරතුරු විශ්ලේෂණය කළ හැකි සංස්ලේෂණය කළ හැකි හා හැසිරවිය හැකි වගේ ම එවාගේ අවසාන ඵලයන් නිරෑපණය කළ හැකි  පද්ධතියකි. භුගෝලීය තොරතුරු ඉතා විශාල පරාසයක විහිදෙනවා. මේ නිසා එකතු වන තොරතුරු හා දත්ත ද වි‍ශාල ප්‍රමාණයක් මෙවන් පද්ධතියක තියෙනවා.

මේ භූගෝලීය දත්ත ඒවායේ ස්වභාවය අනුව කොටස් දෙකයි.

      01. අවකාශීය දත්ත/ ප්‍රමාණාත්මක දත්ත

                 මේ යටතට උස, දිග, දුර, කාලය ආදි මානයන් පිළිබඳ තොරතුරු ඉදිරිපත්  කෙරේ.


      02. අවකාශිය නොවන දත්ත/ ගුණාත්මක දත්ත (තොරතුරු)

       මේ කියන දත්ත/ තොරතුරු අපිට ප්‍රාථමික මුලාශ්‍ර වලින් හා ද්විතික මුලාශ්‍ර වලින් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෝ ඔයාට ම ගිහින් අහලා බලලා තොරතුරු එකතු කරා ගන්න පුළුවන්. නැත්නම් ඔයාට පුළුවන් පොතක් පතක් බලලා විස්තර හොයා ගන්න.


03). ක්‍රියාකරවන්නෙක් (User)

       ක්‍රියා කරවන්නා විද්‍යාඥයෙක්, පර්යේෂණයෙක්, විද්‍යාර්ථියෙක් වෙන්න පුළුවන්.. කෙසේ වෙතත් 

ක්‍රියාකරවන්නාට පරිඝණකයක් හසුරුවන්න නවීන තාක්ෂණික යෙදවුම් හැසිරවිය හැකි වීම,  

මෘදුකාංග හැසිරවිය හැකි වීම, 

භුගෝලීය කරුණක් නිසා භුගෝලීය තොරතුරු හැසිරවිය හැකි වීම, අනිවාර්ය වේ. 


         GIS පද්ධතියක් තුළින් නිර්මාණය කරන සිතියමක තියෙන තොරතුරු පිහිටන්නේ තට්ටු විදිහට. උදාහරණයක්පො ලෙස ෆෝටෝෂොප් වගේ මෘදුකාංගයකින් ‍ග්‍රැෆික් කිරිමට ලේයර් අවශ්‍ය වේ.. GIS වලත්  භූමි පාරිභොග වැනි  පැතිරුණු ප්‍රදේශ දැක්වීමට එක තලයක් (ලේයර් එකක්) පාරවල් ගංගා ඇළ දොළ වලට තවත් ලේයර් එකක්, නගර නාම ගොඩනැඟිලිවලට වෙනම  ලේයර් අවශ්‍ය වේ. මේ ලේයර් සේරම හරි පිළිවෙළට එක මත එක තැබීමෙන් එක සිතියමක් නිරුපනය වේ.


       මේ නිසා GIS  සිතියමක වෙනත් සිතියමකට වඩා තොරතුරු ඇතුළත් වෙනවා. එසෙත් නැත්නම් එවගේ සිතියමක් හදන්න අපිට ගොඩාක් තොරතුරු ලබා දිඉමට සිදු වෙනවා. නමුත් අපි අතින් සිතියමක් අදිනවාට මේ වැඩේ පිළිවෙළට පිරිසිදුවට කරන්න පුළුවන්.  අනික සිතියම් ඇදිමේදී වූවද විශේෂ සුදුසුකම් වන චිත්‍ර ඇදිම, පරිමාණයට ඇදිම, කිලිටි විම වැනි අපහසුත මතු වුවද මෙහිදී මෘදුකාංගය හසුරුවන්න හා අවශ්‍ය දත්ත ලබා දිම පමණක් ප්‍රමාණවත් වේ. 


    GIS වලට අදාල මෘදුකාංග කිහිපයක් පවතිනවා.

මුදල් ගෙවා ගත හැකි මෘදුකාංග.

ArcInfo GIS (GIS කාර්යන් කරගන්නා අයගෙන් 70% කට වඩා භාවිතා කරන්නේ මෙයයි.)

Arc View 3.x

Arc GIS (ඉහත දක්වන මෘදුකාංග දෙක එක් කොට තනන ලද්දකි.)     

IDRSI

ILWIS

MapInfo


නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග.

Arc Explorer


Quantum GIS (භාවිතය ඉතා පහසුය)

           කඳු තැනිතලා ජලාශ වැනි භෞතික සාධක මෙන්ම මිනිසා විසින් ඇති කරන ලද දේ හා පවත්වාගෙන යන දේ පෘථිවි තලය මත පවති. සිතියම් ඇඳිමේ දි මේ සියළු ලක්ෂණ රෑප, සංකේත හා අක්ෂර මඟින් දක්වනු ලැබේ. GIS මඟින් නිර්මාණය කරන සිතියමක් ගොඩනැ‍ඟෙනුයේ ජ්‍යාමිතික ලක්ෂණ වලට අනුවයි. ඒ අනුව සියළුම තොරතුරු දක්වන්න පුළුවන් වෙන්නේ ආකාර තුනකට විතරයි.

1. ලක්ෂ්‍යය (තිත) (point)

2.රේඛාව (Line)

3.කලාප, බහුඅස්‍ර (polygon / Area)

     මේවා මේ පිළිවලටම තිබිඉම අත්‍යවශ්‍ය වන අතර කලාපයක් (පොලිගන්  හැඩයක්) උඩම තලයට (ලේයර් එකට) ආවොත්  රේඛා (ලයින්), ලක්ෂ්‍ය (පොයින්ට්) වැසි යාමට පුළුවන්. එමෙන්ම රේඛා (ලයින්) පහලින් ලක්ෂ්‍ය (පොයින්ට්) තිබ්මෙන්ද ලක්ෂ්‍ය (පොයින්ට්) වැසි යමක් සිදු වේ. 


ලක්ෂ්‍යය (point)

         ලක්ෂයකින් නිරෑපණය කල හැකි තොරතුරු මේ මඟින් දක්වනවා. එක් x, y ඛණ්ඩාංක මගින් නිරුඋමනය කර දක්වයි. 

         උදා: ළිදක්, නිවෙසක් හෝ ගොඩනඟිල්ලක්, නගරයක් හෝ ග්‍රාමයක්  වැනි ස්ථානීය පිහිටීමක්.

රේඛාව (Line)

        රේඛාව නැතහොත් ලයින් සැදෙන්නේ ලක්ෂ්‍ය හෙවත් පොයින්ට් දෙකක් හෝ කිහිපයක් එකතු වීමෙන්. මේවා වීවෘත හැඩතල. රේඛාව නිර්මාණය වන ආකාරයට අනුව ඛණ්ඩාංක අනුපිළිවෙලින් දැක්වීම මගින් රේඛාවේ විහිද යන දිශාව (රේඛාව විහිදෙන පැත්ත) දක්වනවා. එයින් දිග හෝ දුරක් දක්වනු ලබනවා. ඒ නිසා මෙය ඒක මාන ලෙසින් හැදින්වෙනවා. රේඛාවකින් නිරෑපනය වන සියළු තොරතුරු මෙයින් නිරූපණය ‍කරනවා.

        උදා: මහා මාර්ගයක්, ගඟක්

 කලාප, බහුඅස්‍ර (polygon / Area)

   ආවෘත හැඩතල එසේ නැත්නම් කලාප  ලෙස හදුන්වාදිය හැකිය. යම් ප්‍රදේශයක් පෙන්ද්විමේදී මෙය භාවිතා වන අතර ලයින් කිහිපයක් එකතු වීමෙන්  මෙවැන්නක් සෑදෙනවා. මේ වර්ගයේ තොරතුරු වල දිග, පළල, දුර, උස, ගැඹුර ආදි මානයන් කිහිපයක් අඩංගු විය හැකිය.

           උදා: වැවක්, ප්‍රදේශයක් (ගමක්, පළාතක්)


      GIS වල තොරතුරු නිරූපණය කල හැකි  එසේ නැත්නම් තොරතුරු ඇතුළත් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා.


1.වෙක්ටා ක්‍රමය (Vector)

මේය බහුල භාවිතා වන අතර සරල පහසු ක්‍රමයකි.

    මින් පෙන්වා දී ඇති ආකාරයට පොයින්ට් කිහිපයක් එකතු විමෙන්  ලයින්, එවැනි ලයින් කිහිපයක් එක් වෙලා පොලිගන් හැදෙන හැටි. 

මේ  වෙක්ටා ක්‍රමයෙදි  භූගෝලීය තොරතුරු ‍යම්ස්ථානයක පිහිටීම දක්වන්නේ   x, y, හෝ  x,y,z ඛණ්ඩාංක මගින්. මේ ඛණ්ඩාංක ජාතික ඛණ්ඩාංක තලයට අනුව පිහිටුවනවා. (එනම් ජාතික අක්ශාංෂ දේශාංෂ එක්ක ඔයා අදින තිතක් ලයින්, පොලිගන් සම්බන්ධ කෙරෙනවා.)


2.රාස්ටා ක්‍රමය (Raster)

         මේක  කොටු දැලක තමයි පිහිටන්නේ.  අදාල තොරතුරු දක්වන්නේ කුඩා කොටු මගින් වන අතර කොටු-දැල නිශ්චිත පරිමාණයකට අනුව සැකසුණු කොටු/ ඛණ්ඩංක (cell, pixel) තලයකින් සමන්විත වෙනවා. නිශ්චිතවම ස්ථාන පෙන්වන්නට බැරි දුර්වලතාවය මේ ක්‍රමයේ තියෙනවා.


මේ ක්‍රමයෙදි අදාල තොරතුර දක්වන්නේ ඒකටම අදාල වු cell (කොටුවක්/ ඛණ්ඩංකයක්) එකක. 


                                     GIS පද්ධතියක මුලික සංරචක

 ප්‍රධාන සංරචක 5 කි.  


1 ද්‍රෘඪාංග (Hardware)

2 මෘදුකාංග (Software)

3 දත්ත (Data)

4 මානවයා (People)

5 ක්‍රම (Methods)

භූගෝලීය තොරතුරු පද්ධතියක් මඟින් ඉටු කළ හැකි කාර්යයන්.


1. සිතියම් විද්‍යානුකූලව නිවැරදිව සිතියමක් නිර්මාණය කරගැනීමේ කාර්යක්ෂම පහසුවක් ලබා දීම.

            සිතියම් විද්‍යානුකූලව සිතියමක් නිර්මාණය කිරීමට දිගු කාලයක් අවශ්‍ය වේ. විශාල ප්‍රමාණයේ සිතියම් සඳහා යන කාල වේලාව වැඩිය. එමෙන්ම සිතියමක් ඇඳිමේදි වැරදිම් නිසාත් කාලය හා සම්පත් බොහෝවිට අපතේ යයි. ඇදිමේ හැකියාවක් නැති කෙනෙක්ට වුවත් ඉතාම ලක්ෂණ හා පිරිසිදු ගුණාත්මක අතින් ඉහළ මට්ටමේ සිතියමක් පහසුවෙන් නිර්මාණය කර ගත හැකියි.එමෙන්ම සිතියම් නිර්මාණය සඳහා යන වියදම අඩුය. පිටපත් විශාල ප්‍රමාණයක් සඳහා වුවත් වැඩි කාලයක් යන්නේ නෑ. අනෙක් කරුණ වන්නේ මේක ජාතික හා ගෝලිය ඛණ්ඩාංක තලයන් එක්ක පිහිටුවන නිසා ප්‍රදේශයක විමසීමක් වුවත් ගොලීය විමසීමක් වුවත් කරන්න පහසුයි.


2. විවිධ තේමාවන් යටතේ ඇති සිතියම් එකවර භාවිතා කළ හැක.

        GIS  මඟින් සිතියමක් නිර්මාණය කිරීමේදි අප විවිධ තොරතුරු ගබඩා කර ගත යුතුයි. එමෙන්ම භු විෂමතාවය භුමිපරිහෝගය ජලව්‍යාප්තිය හා මාර්ග ජාලයත් ගොඩනැඟිලි ව්‍යාප්තියත් ආදි තොරතුරු දැක්වෙන තේමා ගණනාවකට ආදාල තොරතුරු එකම සිතියමක් සඳහා පහසුවෙන් භාවිතා කළ හැකියි. එමෙන්ම සිතියම් කිහිපයක තොරතුරු එකම සිතියමක වුවත් දැක්වීමේ හැකියාව  මේ නිසා ලැබෙනවා. එමෙන්ම එක සිතියමක අඩංගු තොරතුරු තවත් කාර්යයන් සඳහා ප්‍රයෝජනවත් විය හැකියි.  මේ පහසුකම නිසා සංවර්ධන කටයුතු, අපදා කළමළණාකරණය, යුද කටයුතු සඳහා මේවැනි සිතියම් ඉතාම ප්‍රයෝජනවත් වේ. තොරතුරු රාශියක් අඩංගු  සිතියමක් නිරික්ෂණය කර විවිධ නිගමන හා නිරික්ෂණ කිරීමේ හැකියාවත් ලැබෙනවා.


3. සිතියමක් සැකසීමේදි දත්ත වගු තුළ දත්ත ගබඩා කරනු ලබන නිසා තොරතුරු ‍ද ගොනු ගත කෙරේ. ක්ෂේත්‍ර හා තේමා ගණනාවක දත්ත කාර්යක්ෂමව හැසිරවීමට හා කළමණාකරණයටත් උපකාර කරයි.

         මේ නිසා කලින් පැවති සිතියමකින් ලැබෙන පහසුකමට අමතරව ප්‍රමාණාත්මක තොරතුරු ද පරිශිලකයාට ලැබේ. මේ නිසා පරිශිලකයාට ප්‍රමාණාත්මක දත්ත හා අවකාශීය දත්ත එකවර හැසිරවීමේ පහසුව ලැබේ. එ නිසා දැත මත ඇති කඩදාසි සිතියමකට වඩා මේ සිතියම් තොරතුරු ලබා දීම අතින් ඉහළ හා කාර්යක්ෂම සේවයක් ඉටු කරනාවා. එමෙන්ම යාවත්කාලීන කරන ලද තොරතුරු ඇතුලත් කළ වහාම සිතියම ද වහාම යාවත් කාලීන වේ. එ නිසා සිතියම් ඇඳිම සදහා ‍වෙහෙස වීමට කාලය වැය නොවේ.


4. ප්‍රමාණාත්මක තොරතුරු තවත් කාර්යන් සදහා යොදා ගත හැකිවීම නිසා GIS  මඟින් නිර්මාණය කරන සිතියමක් බහුකාර්ය උපකරණයක් වේ.

        සිතියම හා අදාල වන දත්ත ඇති නිසා නැවත නැවතත් විශලේෂණය හා සංස්ලේශණය කළ හැකි දත්ත ඉතා වටිනා ඒවාය. එමෙන් ම සිතියම් යාවත් කාලීන කිරීම මෙහිදි ඉතාම පහසුය. මේ නිසා සිතියම් මඟින් දැක්වෙන තොරතුරු කාලීන ඒවා වේ. විශේෂයෙන්ම ව්‍යාප්ති සිතියම් අවබෝධය පහසු වුවත් ප්‍රමාණාත්මක තොරතුරු ලබා දීමේදි ඇති කරනු ලබන අඩුපාඩු GIS වලදි දක්නට නොලැබේ.


5. ජාලගත වි‍ශලේෂණයන් සිදු කිරීමේ හැකියාව පවති.

      කලින් පැවසුවා සේ ම ජාතික ජාත්‍යන්තර ඛන්ඩාංක සමඟ මේ සිතියම් පිහිටවනු ලබනවා. එමෙන්ම තේමා රාශියක තොරතුරු සහිත ගොනු මේ හා බැඳි පවතිනවා. මේ නිසා ජාලගත විශ්ලේෂණයන් කිරීම ඉතාම පහසුයි.  එමෙන්ම දත්ත හුවමාරුව පවා අතිශයින් වේගවත්ව සිදු කළ හැක.


6. අතීත පුරොකතන ඇසුරෙන් දත්ත විශ්ලේෂණය කර අනාගත තෙරතුරු ප්‍රක්ෂේපණය කර ගත හැක.

        උදාහරණයක් වශයෙන් අවශ්‍ය දත්ත ලබා දි ඇත්නම් ඒවා විශ්ලේෂණය කර ගංගාවක ජල මට්ටම වැඩි වීමට සාපේක්ෂව එයින් ගංවතුර අපදාව ඇති කරන ප්‍රදේශය ඉතා පහසුවෙන් ක්ෂණිකව සොයා ගත හැකියි. ජනගහණයේ වර්ධනය ව්‍යාප්තිය වගේ තොරතුරු සඳහා මේ වන විටත් එවැනි සිතියම් භාවිතා කරනවා ඔබ දැක ඇති.


7. GIS මඟින් ලබා දෙන්නේ සිතියම් නිර්මාණය කිරිමේ පහසු කම පමණක් නොවේ.

        එය එහි ප්‍රධාන එක් අංගයක් පමණි. GIS  මඟින් සංකිර්ණ විශ්ලේෂණයන් සිදු කර භූගෝලීය වශයෙන් වැදගත් වන්නා වු තොරතුරු ලබා දිය හැක.

       උදාහරණයක් වශයෙන් ඔබ යම් ආකාරයක සමාජීය පර්යේෂණයක් සඳහා ප්‍රදේශයක් සොයනවා යැයි සිතමු. ඔබට අවැසි වන්නේ ලංකාවේ වයස අවුරුදු 15-25 ත් අතර ගැහැණු ළමුන් සිටින ප්‍රධාන පාරේ සිට කිලෝමීටර 5ක් තුළ වාසය කරන ඉඩම් අක්කර දෙකකට වඩා වැඩි ඉඩමක පදිංචි වි සිටින අයය. ඔබ ඒ සඳහා දත්ත සපයා ඇත්නම් ( ඒ කියන්නේ  මීට වසර 25ත් 15ත් අතර කාලයේ සිදුවු ස්ත්‍රී උපත් පිළිබඳ තොරතුරු, ලංකාවේ ප්‍රධාන මාර්ග  ජාලය ගැන තොරතුරු, ප්‍රධාන මාර්ග පද්ධතිය අවට ඉඩම් පරිභොගය ගැන තෙරතුරු සපයනවා නම්) ඔබ සොයන ආකාරයේ අය සිටින පලාත් ඉතා පහසුවෙන් ක්ෂණිකයෙන් සිතියමකින් දක්වන්නට GIS  වලට හැකියාව ඇත.

       පුද්ගල වැරදි වීම් වලින් බෙහෝ දුරට තොරවු සිතියමක් නිර්මාණය කර  ගත හැක. එමෙන් ම සිතියම්කරණයේ දුර්වලතා මඟහරවා ගන්නටද මේ මඟින් හැක. සේයා සිතියම් වැනි ව්‍යාප්ති සිතියම් වල ප්‍රමාණාත්මක තොරතුරු ලබා ගැනිමේ දුශ්කරතාවයද මේ මඟින් නැතිව යයි. තාක්ෂණික නැඹුරුව නිසා බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගෙන ඇති හෙයින් විශය පෝෂණයටද රුකුළක් වේ.අනෙක් අතට භුගෝලය හදාරන අයගේ තාක්ෂනික නැඹුරුවට හා පරිගණක සාක්ෂරතාවයට ද උපකාරයකි.


8.  GIS දුරස්ථ සන්නිවේදන තාක්ෂණයේ දියුණුවට හා චන්ද්‍රිකා තාක්ෂණයේ දියුණුවටද බෙහෙවින් බලපා ඇත. GPS (Global Positioning System)‍වැනි උපාංග හා උපකරණ ‍GIS  නිසා බිහිව තිබේ. 1970 ගණන්වල සිට දුරස්ථ සංවේදන ක්‍රමවල සිදු වු දියුණුවත් සමඟ GIS වර්ධනය වන්නේ ඒ තාක්ෂණයන් ඇසුරේය. මේ නිසා GIS හා GPS අතර එකිනෙකා පෝෂණය කරන සම්බන්ධයක් පවතින බව පෙනේ.



කඩොලාන

සටහන සදහා පහත Link එක ක්ලික් කරන්න

Comments

  1. Mehema ugannana eka hodai. Me pawathina thathwaya nisa

    ReplyDelete
  2. Mata gis nirmanaya karanakota secondary data laba ganna puluwan aayathana haa ema aayathana walin labagnna puluwn data monada kiyla kiynnko

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සාදරයෙන් පිළිගනිමු

Online පන්ති කාලසටහන